ජේසුස් වහන්සේගේ පිළිරූ කඩලා


(රොමේෂ් මධුෂංඛ)

මන්නාරමේ ස්ථාන දෙකක ඉදි කර තිබූ ජේසුස් වහන්සේගේ පිළිම දෙකක් බදාදා (13) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් හානි කරනු ලැබ ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.

මන්නාරම් යාපනය ප්‍රධාන මාර්ගයේ නායාත්තුවලි ප්‍රදේශයේ තිබූ පිළිරුවට සහ මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ නොච්චිකුලම් රෝමානු කතෝලික පාසල ඉදිරිපිට තිබූ පිළිරුවට මෙලෙස හානි කර තිබේ.

මෙසේ හානි සිදු කළේ කවුරුන් විසින්දැයි මෙතෙක් හෙළි වී නොමැති අතර අදාළ පිරිස් සොයා මන්නාරම් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.