ජීප් රියක - යතුරු පැදියක් ගැටී දෙන්නෙක් රෝහලේ


(රොමේෂ් මධුෂංඛ)


මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේදී ආරක්ෂක අංශයට අයත් ජිප් රථයක යතුරු පැදියක් ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ  බව  පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.


පුදුකුඩඉරිප්පු පරන්තන් ප්‍රධාන මාර්ගයේදී පරන්තන් සිට පුදුකුඩිඉරිප්පු දෙසට යතුරු පැදියකින් ගමන් කර ඇති තරුණයින් දෙදෙනෙකු පුදුකුඩිඉරිප්පු දෙස සිට පරන්තන් දිසාවට ගමන්ගත් ජිප් රථයකය මුහුණට මුහුණ ගැටීමෙන්  ඊයේ (22 ) සවස මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙළි වී ඇත.


බරපතල තත්වයේ සිටි තරුණයින් දෙදෙනා මාංචෝලෙයි රෝහල වෙතට ඇතුළු කිරීමෙන් පසුව මුලතිව් මහ රෝහල වෙතට මාරු කර යවා  ඇතැයි පොලීසිය පවසයි.