ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ විහාරස්ථානය මගින් වෙසක් පුන් පොහොය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පිංකම සඳහා ශ්‍රී ලාංකික, තායිලන්ත, බුරුම, ස්විස් සහ අනෙකුත් ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගිවූ බව විහාරාධිපති තවලම ධම්මික හිමියෝ පැවසුහ.
වෙසක් උළෙල ඉතාමත් සාර්ථකව පැවැත්වීම සඳහා උපකාරි වු සැමට උන්වහන්සේ පුණ්‍යානුමෝදනා කළහ. එදින පිංකම සඳහා බුද්ධ පුජා, බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා සහ භාවනා අංග ඇතුළත්ව තිබුණි. දහවල් දානය සඳහා මහා සංඝරත්නය සංකේතාත්මකව පිඬු සිඟා වැඩියහ. බුරුම සහ තායි නැටුම් අංගද උත්සවයට ඇතුළත්ව තිබුණි.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ විශේෂ දේශනයක් ද පැවැත්විය.
වෙසක් සතිය වෙනුවෙන් ජිනීවා බෞද්ධ විහාරස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් සහ නාය යෑම් වලින් බලවත් ලෙස පිඩාවට පත්ව ඇති ජනතාව සඳහා සහන සැපයීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇත.
මෙම වැඩපිළිවෙල යටතේ හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙන් කෘත්‍යාධිකාරී, විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති එප්පල සොරත හිමියන්ගේ දැඩි අධීක්ෂණය යටතේ විපතට පත් අයට ඒ ඒ ප්‍රදේශවලටම ගොස් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් හා සනීපාරක්ෂක දේ ලබාදීම දැනටමත් ආරම්භ කොට ඇත.
මේ සත් ක්‍රියාව සඳහා හැකි අයුරින් සම්මාදන් වීමට කැමැතිනම් ඔබේ මුල්‍යමය ආධාරය ජිනීවා විහාරස්ථානයට ගෙනවිත් භාර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ධම්මික හිමියෝ පැවසුහ.

![IMG_3242[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_32421.png)
![IMG_3243[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_32431.png)
![IMG_3281[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_32811.png)
![IMG_3313[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_33131.png)
![IMG_3319[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_33191.png)
![IMG_3385[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/IMG_33851.png)
