ජලයෙන් හානි වූ පොත පත රැකගන්න උපදෙස්


අයහපත් කාලගුනික තත්වය හේතුවෙන් පුස්තකාලයක, ආයතනයක, පාසලක හෝ නිවසක පොත්පත් හෝ ලේඛන ජලය නිසා හානි වී ඇත්නම් ඒවා ආරක්ෂා කරගැනීම සදහා සරල උපදෙස් කිහිපයක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් දැනුවත් කරයි.

  • පොත්වල තැවරුණු මඩ, අපද්‍රව්‍ය ගලා යන පිරිසිදු ජලයෙන් ප්‍රවේශමෙන් සෝදා පිරිසිදු කරගන්න.
  • පොත්පත් මද පවනේ හෝ විදුලි පංකාවක් අසල තබා සම්පුර්ණයෙන්ම වියළෙන තෙක් තබාගන්න.
  • වියළුනු පොත් මත බරක් තබා පිඩනයට ලක් කර පිටු ඒකාකාර ලෙස සකස් කර ගන්න.
  • පොත් වියළීම දින 3ක් (පැය 72ක්) ඇතුලත කල යුතුය. දින 3කට පෙර පොත් වියලා ගනිමට නොහැකි වුවහොත් සුදුසු වියළි පරිසරයක් ඇතිවන තෙක් පොත් පත් හෝ ලේඛන පොලිතීන් කවරවල බහා ශීතකරණයේ ඉහල කොටසේ තබාගන්න.
  • ගංවතුරෙන් හා ජාල ගැලීම්වලින් හානියට පත් පුස්තකාල පොතපත හෝ වෙනත් ලේඛන ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය නිරතුරවම කටයුත් කරන අතර 071-4452244, 011-3056244, 077-33763376838 යන දුරකථන මගින්ද, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, නො 14, නිදහස් මාවත,කොළඹ 07 යන ලිපිනය මගින් අවශ්‍ය උපදෙස් ලබාගත හැකිබව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය දන්වා සිටියි.