ජම්පටාවීදියේ සිද්ධියට පැමිණ ත්‍රිරෝද රථය-අයුධ අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන ජම්පටාවීදියේ පුද්ගලයකු කපා කොටා බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය, අපරාධ සිදුකිරීම සදහා භාවිතා කළ  තියුණු ආයුධ කොහිලවත්ත ප්‍රදේශයේ සඟවා තිබියදි ඊයේ (23) රාත්‍රියේ විශේෂ කාර්ය බලකාය  මගින් සොයාගනු ලැබීය.

ඉකුත් (22)  දින රාත්‍රියේ ත්‍රිරෝද රථයකින්  තියුණු ආයුධ වලින් සන්නද්ධ  සැකකරුවන් තිදෙනකු  ජම්පටාවීදිය 101 වත්තට හැරෙන හන්දියේ දී මාළු වෙළෙඳ සැල ආසන්නයේ දී සෙල්වරාජ් ක්‍රිස්ටි ප්‍රසාන්ත නමැති අය  කපා කොටා බරපතල  තුවාල සිදුකර පලාගොස් තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

තුවාල ලැබු පුද්ගලයා   සංවිධානාත්මක අපරාධ කල්ලියක් වන කුඩු සෙල්විගේ පාර්ශවයෙන් පුද්ගලයකු බවත්, මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන  එම පාර්ශවය විසින්   මෙම ඝාතනය කිරීම සදහා  මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

සිද්ධිය පසු සී සී ටී වී කැමරා දර්ශන උපයෝගි කරගෙන මෙම ත්‍රිරෝද රථය සොයාගෙන ඇති අතර, පැමිණි සැකකරුවන්  ද හදුනාගෙන ඇත.