මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මහවැලි කලාප වල පදිංචිකරුවන් සඳහා ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර ලබාදීම කඩිනම් කිරීම, මහවැලි කලාපවලට අයත් විහාරස්ථාන සඳහා ස්ථීර ඔප්පු ලබාදීම, අවිධිමත්ව ඉඩම් භුක්ති විදින්නන් සඳහා විධිමත් විසදුමක් සපයා ගැනීම, ඉදිරියේදී ඇතිවිය හැකි නියගයකදී මහවැලි ජලය කළමනාකරණය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ලේකම්වරු සහ අමාත්‍යාංශයට අයත් ආයතන වල ආයතන ප්‍රධානීහු මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වූහ.