ජනතා අධිකරණය හමුවේ ගෝඨා පරාජය කිරීම ජනතා අපේක්ෂාවයි


(හැටන් රංජිත් රාජපක්ෂ)                       

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතා තාක්ෂණික ගැටළු උපයෝගි කරගෙන අධිකරණය හමුවේ පරාජය කිරීමට වඩා ජනතා අධිකරණයක් හමුවේ පරාජය කිරීම රටේ ජනතාවගේ අපෙක්ෂාව බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසූයේ ජාතික මහජන සභාව විසින් අද (05) හැටන් නගරයේ  කැඳවා තිබූ  විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ චමිර පෙරේරා මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවිමට ඇමරිකාව සෘජුවම ඉදිරිපත් වී ඇති බවයි.

මෙරට ඇමරිකානු තනාධිපති කාර්යාලයේ නිලධාරීන් මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කරන ලෙස මෙරට වෘතීය සමිති නායකයින් මුණ ගැසී ඉල්ලිම් කරන බවද චමීර පෙරේරා මහතා පැවසීය.

ඇමෙරිකා විරෝධී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව මුනිවත රකින බවද චමීර පෙරේරා මහතා චෝදනා කර සිටියි.

අධිකරණය අද ස්වාධීන වි ඇති බව විපක්ෂය පිළිගන්නා බවත්, 2015 වසරේ ලද ජයග්‍රහණය අධිකරණය ස්වාධීන කරවිමට හේතුව වි ඇති බවත්, අද රාජ්‍ය මාධ්‍යයද ස්වාධින වි ඇති බවත් මේ මාධ්‍යය හමුවේදි චමීර පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටියේය.