ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන ප්‍රමාණයන් චීනයේ ධීවරයින් සිටියත් එරට ධීවර කර්මාන්තයෙන් උපයන නිෂ්පාදිත මාළු ප්‍රමාණය තම රටට ප්‍රමාණවත් නොවන බැවින් ශ්‍රී ලංකාවෙන් මාළු ආනයනය කිරීමටත් මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කොට ආයෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ග්ලිං මහතා එකඟ වී ඇති බව ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පවසා ඇත්තේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ වාර්ෂික විද්‍යා සමුළුව අමතමින්ය.
චීනයේ තිබෙන විශාල මාළු වෙළඳ පොළට මාළු සැපයීමෙන් චීනය ශ්‍රී ලංකාවදිරිමත් කරන බව ද ඔහු කියයි.
තවද ආර්ජන්ටිනාව, බ්‍රසීලය වැනි ඈත රටවලින් තම රටට මාළු ගෙන්වන බවත් ශ්‍රී ලංකාවෙන් මාළු මිලට ගැනීම මීට වඩා පහසු බවත් ඔහු කියයි.