රාජගිරිය ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දුරකථන වාර්තා පරික්ෂා කර බැලීම සදහා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා අද (14) වැලිකඩ පොලීසියට අවසර ලබා දුන්නේය.
ඉකුත් 09 වැනිදා මෙම දුරකතන වාර්තා ලබා ගන්නා ලෙසට මහෙස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණද, පොලිසිය විසින් අදාල අධිකරණ නියෝගය ලබා ගනු ලැබුවේ මෝසමක් ගොනු කරමිනි.
අදාළ දුරකථනයේ ලියාපදංචි අයිතිකරුගේ නම, ලිපිනය, එහි එමි අංකය, අනතුර සිදුවූ දිනයේ රාතී‍්‍ර 8 සිට රාතී‍්‍ර 12 දක්වා කාලය තුළ එම දුරකතනයෙන් ලබා ගත් සහ ලැබුණු ඇමතුම් සම්බන්ධ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසට මෙහිදී අදාළ දුරකතන සමාගම වෙත අධිකරණයමගින් නියෝග නිකුත් කරනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව රණවක මහතාගේ සම්බන්ධයක් ඇත්දැයි යන්න තොරතුරු අනාවරණය කර ගැනීම සදහා ඒ මහතාගේ ජංගම දුරකථන වාර්තා කැඳවීමටත් එම අනතුර සිදුවූ ස්ථානය අවට සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ලබාගැනීමටත් මහේස්ත‍්‍රාත්වරයා විසින් වැලිකඩ පොලීසිය වෙත නියෝග නිකුත් කරනු ලැබුවේ ඉකුත් 09 වැනිදාය.
ඉකුත් පෙබරවාරි මස 29 වැනි රාජගිරිය ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් සන්දීප් සම්පත් සහ මනුල මින්සුක අබේසුන්දර යන තරුණයින් දෙදෙනා තුවාල ලැබූහ.
මෙම සිද්ධිය අදාළව ඉකුත් 30 වැනිදා පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවකු වූ ඉමදුව උණගස්විල වලවේ මහදුරගේ දිලූම් තුසිත කුමාර යන අය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබිණ.
අදාළ නඩුව ලබන 30 වැනිදා යළි කැදවීමට නියමිතව ඇත.