ඝාතකයා වසරකට පසු සැකපිට අත්අඩංගුවට


(එම් .සුසිල් ප්‍රියන්ත )

ඇල්පිටිය තල්ගස්පේ මානාන ප්‍රජා ශාලාව අසලදි මීට වසරකට පෙර පහරදීමකින් අභිරහස් ලෙස ඝාතනය කරන ලදැයි කියන  මුස්ලිම් ජාතික එක් දරු පියෙකුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද (6 ) අලුයම් කාලයේදී ඇල්පිටිය කන්දෙවත්ත ,කැටන්දොල ප්‍රදේශයේ සැගව සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව ඇල්පිටිය නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකය කියයි.

මෙසේ ඝාතනයවී ඇත්තේ ඇල්පිටිය ආනන්ද විදුහල් මාවත ලිපිනයේ පදිංචි තිස්හත් හැවිරිදි අබ්දුල් හමීඩ් මොහොමඩ් මොසිම් නමැති එක් දියනියකගේ පියෙකු බවද එම ඒකකය කියයි .

මේ පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් සැකකරු පිටිගල කැල්ලපත පදිංචි තිස්දෙහැවිරිදි අයෙකු බවද ඇල්පිටිය නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකය කියයි .

මේ ඝාතනයෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැගව සිටි බවත් ඔහුව සැකපිට ප්‍රශ්න කිරීම සදහා  අත්අඩංගුවට ගැනීමට සාර්ථක මෙහෙයුමක් තමන් ඉතා සුක්ෂමව දියත් කල බවත් එහි ප්‍රතිපලයක් ලෙස ඔහුව නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවූ බවත් එම ඒකකය කියයි  සැකකරු අද (6 ) පස්වරුවේදී බලපිටිය අධිකරනයට ඉදිරිපත් කරන බවද එම ඒකකය කියයි