ගෝඩුන්න නිවසකට පස් කන්දක් කඩා වෙයි


(නිශාන්ත කුමාර) 

වාසනාගම ගෝඩුන්න ප්‍රදේශයේ නිවසක් මතට අද (29) පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ බිත්ති කීපයක් හා වහල සම්පුර්ණයෙන්ම යටවී ඇති අතර නිවසේ සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු නිවසින් පිටතට පැන දිවි ගලවාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

දින කීපයක සිට පවත්නා වර්ෂාවත් සමගම නාවස පිටුපසවූ අඩි 30 ක්පමණ උස වේල්ලේ පස් කැබැලි විටින් විට පහළට කඩා වැටුණු බවත් අද (29) අලුයම් කාලයේ විශාල සද්දයක් ඇසී පරික්ෂා කර බලද්දී වේල්ලේ විශාල පස් කන්දක් නිවස පිටුපස වහල හා බිත්තියක් පෙරළාගෙන නිවස මතට කඩා වැටී තිබූ බවත් නිවැසියෝ පවසති.