ගොවීන්ට දෙන්න ගෙනා කිරි හරක් 2000ක් අන්සතු කරලා


විෂය භාර ඇමති පි. හැරිසන් මහතා පසුගිය දිනවල ගොවීන්ට බෙදාදීම සදහා කිරි හරක් 2000ක් ගෙන්වා ඇති බවත් එම හරක් ගොවින් 5600ක් දෙනා ඉල්ලුම් කර ඇතත් නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරාට හා පශු සම්පත් අංශයේ අධ්‍යක්ෂවරියකගේ සැමියකු ඇතුළු තවත් දේශපාලන හිතවතුන් 19 දෙනකුට බෙදා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (17)  දඹුල්ලේ දී  මාධ්‍ය හමුවක දී කීවේය.

වර්තමානය වනවිට රටපුරා කිරි ගොවින් ගැටලු රැසකට මුහුණ පා සිටින බවත් දිනපතා කිරි ලීටර් දහස් ගණන් මහ පොළොවට හලා විනාශ කරන බවත් පැවසූ කරුණාරත්න මහතා දේශීය පිටි කිරි වෙනුවට විශාල වශයෙන් විදේශීය පිටි කිරි ගෙන්විමද තවත් කරුණක් බවත් කීවේය. අඹේවෙල දිනකට කිරි ලීටර් ලක්ෂ 3ක් පිටි කිරීමට හැකි අංග සම්පුර්ණ කර්මාන්ත ශාලාවක් 2015 වසර වනවිට ඉදිකොට අවසන් කර ඇතත් මෙතෙක් විවෘත නොකර තිබෙන බව ද ඔහු කිවේය .