(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ගොඩගම කාර්මික විද්යාලය අසල කිරිමැටි හේන් මාර්ගයේ වැටී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (14) දා සොයා ගත් බව මීගොඩ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ගොඩගම කිරිමැටි හේන පදිංචි විජිත ලාල් මුනිදාස (74) හැවිරිදි පෞද්ගලික ඉංග්‍රීසි උපකාරක ගුරුවරයකු බව පොලීසිය කියයි .
මියගිය පුද්ගලයා වසර කිහිපයක සිට ගොඩ ගම ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක ජීවත්ව සිට ඇති අතර මොහු 14 සවස මාර්ගයේ වැටී සිටිනු පුද්ගලයෙකු දැක ඔහුව පරීක්ෂා කිරීමේ දී කෙඳිරි ගාමින් සිටිම නිසා 1990 සුව සැරිය ගිලන් රථයකට දැනුම් දී පසු ව ගිලන් රථය පැමිණ වැටී සිටි පුද්ගලයා පරික්ෂා කොට ඔහු මිය ගොස් ඇති බව පවසා ඇතැයි පොලීසිය කියයි.
ඒ අනුව මේ පිළිබඳව මීගොඩ පොලීසියට දැනුම් දීමක් සමග පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ මුනින් අතට මාර්ගයේ වැටී සිටි පුද්ගල මල සිරුර සොයා ගත් බව පොලිසිය පවසයි.
පසුව සිද්ධිය වූ ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැමිණ ස්ථානිය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.
ඒ අනුව දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හෙට(15) කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතය.
මෙම මරණය පුද්ගල ඝාතනයක් ද නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.
මීගොඩ පොලිසියේ පො.කො.(92518) ලක්මාල් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.