(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවෙස් බිඳුම් රැසක් සම්බන්ධයෙන් වසර 16 ක් සිරදඬුවම් විද වසරකට පෙර නිදහස් වී පැමිණි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු අද (29) මිරිහාන පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිය.
ඉකුත් වසර තුළ පොලිස් වසම් හතරක නිවෙස් බිඳුම් 25 ක් සිදු කර රුපියල් ලක්ෂ 10ක දේපලක් සොරා ගෙන ඇත.
පාපැදි 16 ක්,රූපවාහිනි 2 ක්, ජංගම දුරකථන 4 ක්, ගෑස් සිලින්ඩර හා තවත් උපකරණ රැසක් මොහු සන්තකයේ තිබි පොලිස් බාරයට ගෙන ඇත.