ගෙවත්තක තිබී ජීව අත්බෝම්බයක් හමුවෙයි


(සුමතිපාල දීයගහගේ )

පෝද්දල පොලිස් වසම තුළ  පිහිටි  නමුනුකුල වතු සමාගමටඅයත් සීට්‍රස්වත්තේ කැලෑ රොදක තිබී ජිව අත් බෝම්බයක් සොයා ගත් බව පෝද්දල පොලිසිය පවසයි

සීට්‍රස්වත්තේ කටුපොල් වගා කර ඇති ‍ කැලෑ රොදක ගල්වැටියක මෙම අත්බෝම්බය තිබෙනු දුටු එම වත්තේ සේවකයෙකු මේබව වත්තේ නිලධාරීන්ට දැනුම්දී ඇත.

 ඒ අනුව වතුඅධිකාරීන් විසින් පොලිසයට දැනුම්දීමෙන් පසුව පොලිසිය පැමිණ පරික්ෂණ ආරම්භකර ඇත.

අධිකරණයට කරුණු වාර්තා කොට නියෝගයක් ලබා ගෙන මෙම අත්බෝම්බය අද (19) නිශ්ක්‍රීය කිරිමට පෝද්දල පොලිසිය කටයුතු කර ගෙන යයි