ගුරුවරුන් ඉල්ලා දෙමාපියෝ මහ පාරට


(චතුරංග සදරැස්ගම)

මෙවර පැවැත්වෙන උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණු දෙන දරුවන් හට අධ්‍යාපනය ලබා දීම සදහා විෂයන් කිහිපයකට ගුරුවරුන් හිඟ බැවින් එම විෂයන් සඳහා ගුරුවරුන් කඩිනමින් පාසලට ලබා දෙන ලෙස ඉල්ලමින් ඇලයාපත්තුව මහ විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද (21) විලච්චිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

ඇලයාපත්තුව මහ විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින දරුවන් හට මාස කීපයක සිට භුගෝල විද්‍යාව, සිංහල, චිත්‍ර, කෘෂිකර්මය විෂයන් සදහා ගුරුවරුන් නොමැති බවත් ඒ හේතුවෙන් මේ වන විට එම ළමුන්ගේ අධ්‍යාපන මට්ටම හා මානසික තත්ත්වය පහත බැස ඇති බව ද උද්ඝෝෂකයෝ පවසති.

උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි පාසලේ විදුහල්පති ඩී.ජේ.ඒ.අල්විස් එදිරිසිංහ මහතා පැවසුවේ අවශ්‍ය ගුරුවරුන් සඳුදා සිට පාසලට ලබා දෙන බවට කලාප කාර්යාලය තමන්ට දැනුම් දුන් බවයි.