(ජයරත්න වික්‍රමාරච්චි)
නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ විද්‍යාලයක ප්‍රාථමික අංශයේ ගුරුවරියකට රාජකාරි අවස්ථාවේදී බැන වැදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අද(30) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
ඉකුත් 29 දා සවස මෙම ගුරුවරිය විසින් ශිෂ්‍යත්ව විභාගයට අදාළව එම විදුහලේ අමතර පංතියක් පවත්වමින් සිටින අතරතුර සැකකරු එම ස්ථානයට කඩා වැදී ගුරුවරියට බැන වැදී ඇති බවට අදාළ ගුරුවරිය විසින් පැමිණිල්ලක් කර ඇතැයිද පොලීසිය පවසයි.
මූලික පොලිස් විමර්ශනවලට අනුව සැකකරුද අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ දරුවෙකුද මෙම ගුරුවරියගේ පංතියේ ඉගෙනුම ලබයි.
සිද්ධිය වූ දා සවස පැවැති අමතර පංතියට සැකකරුගේ දරුවාද සහභාගි වී ඇත. මෙම අවස්ථාවේදී තම දරුවා නිවසට පැමිණීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් සැකකරු එම ස්ථානයට කඩා වැදී අදාළ ගුරුවරියට බැන වැදී ඇති බවට අනාවරණය වී බවත් පොලීසිය කියයි.