ගුරු සහයකයෝ විරෝධතාවක


(රංජිත් රාජපක්‍ෂ)

තමන් ගුරු නිත්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගන්නා ලෙස ඉල්ලමින් හැටන් කොටගල කේ‍්‍රමිබි‍්‍රජ් ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණූව ලබන ගුරු සහයකයෝ කළුපටි පැළඳ අද (23) එම ගුරු අභ්‍යාස විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළහ.

විරෝධතාකරුවන් අතරට පැමිණි ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප සභාපති හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කනපති කනගරාජ් මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය එමි.රාමේෂ්වරන් මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම ගුරු සහයකයින් බදවා ගැනිමේදි වසර තුනක කාලයක් ඇතුළත ඔවුන් ගුරු අභ්‍යාස විද්‍යාලවලින් ගුරු පුහුණූව ලබා ගත යුතු බවයි. එම කාලය ලබන වසරේ අපේ‍්‍රල් මාසයෙන් අවසන් වන බැවින් ඉන් අනතුරුව එම තනතුරට බඳවා ගත් සියලුම ගුරු සහයකයින් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් ස්ථිර ගුරු සේවයට බඳවා ගැනිමට නියමිත බවද ඒ මහතා පැවසීය.