ගුරු පත්වීමක් ලබාදෙන බව පවසා මුදල් ගත් 2 ක් අත් අඩංගුවට


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උතුරු මැද පළාතේ පාසලක ගුරු පත්වීමක් ලබාදෙන මුවාවෙන් ව්‍යාජ පත්වීම් ලිපියක් ලබාදී දහම් පාසල් ගුරුවරියකගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් වංචා සහගත ලෙස ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු බත්තරමුල්ල - ඉසුරුපාය ඉදිරිපිට දී අද (09) අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සමඟ ව්‍යාජ පත්වීම් ලිපිය හා දහම් පාසල් ගුරුවරියගෙන් ලබා ගත් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදල පොලිසිය භාරයට ගෙන ඇත.

එම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු බස් කොන්දොස්තරවරයෙකු බවත් අනෙක් පුද්ගලයා ගොවිතැන් කටයුතු කරන අයෙකු බවත් පොලිසිය කියයි.

ගුරු පත්වීම බලාපොරොත්තු වූ දහම් පාසල් ගුරුවරියගේ මව සමඟ සැකකාර බස් කොන්දොස්තරවරයා හිතවත් වී ඇති බවත් දියණියට රජයේ ගුරු පත්වීමක් ලබාදිය හැකිබවත් සැකකරු පවසා ඇති බව පොලිසිය කියයි.