( දිලීප් ජයසේකර )
තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් ජනපි‍්‍රය පාසල්වල ගුරු දිනය සැමරීම සදහා සිසුන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කරන බව දෙමව්පියෝ පවසති.
අධ්‍යාපන ඇමතිවරයා විසින් පාසල්වල කිසිදු කටයුත්තක් සදහා මුදල් එකතු කිරීම තහනම් කරනු ලැබ තිබියදී මෙසේ මුදල් එකතු කරන්නේ කාගේ අවශ්‍යතාවයන් මතද යන්න ගැටළුවක් බව දෙමාපියෝ පවසති.
දරුවන් තුන් හතර දෙනකු සිටින පවුල්වලට මෙය ඉතාමත් අසීරු බවත් දරුවන්ට අසාධාරණයක් වේයැයි කෙසේ හෝ මෙම මුදල දීමට දෙමව්පියන් උත්සාහ ගන්නා බවත් ඔවුහු පෙන්වා දෙති.
ඉහළ ශ්‍රේණිවල සිසුන් ලවා මුදල් එකතු කරන බවත් විදුහල්පතිවරුන් මේ බව දැන දැන නොදන්නා සේ සිටින බවද ඔවුහු පෙන්වා දෙති.
ඇතැම් පාසැල්වල ගුරු දිනය සැමරීමට එක් සිසුවකුගෙන් රුපියල් 100 බැගින් එකතු කිරිමට කටයුතු කරගෙන යන බවට කළ සොයාබැලීමකදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න සාලිය වීරසේකර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ පාසැල් සිසුන්ගෙන් කිසිදු ආකාරයකින් මුදල් එකතු කිරීමට නොහැකි බවයි.
කිසියම් පාසලක එවැනි සිදුවීමක් වන බවට තමන් වෙත වාර්තා වුවහොත් ඒ පිළිබදව වහා ක්‍රියාත්මක වන බවද ඒ මහතා කීය.