(දයාරත්න ඇඹෝගම)
ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් ජනවාරියේ සිට දීමට පොරොන්දු වූ අතුරු දීමනාව ගෙවීම රජය පැහැර හැරීමට එරෙහිව අද (24) දින පස්වරුවේ දී අනුරාධපුර ඩී.එස්. සේනානායක වටරවුමේ දී උද්ඝෝෂණයක නිරත වුහ.
අනුරාධපුර නගරයේ ඩී.එස්.වටරවුම අසලට එක්වූ අති විශාල ගුරු හා විදුහල්පතිවරඅ පිරිසක් විවිධ සටන් පාඨ ලියුපොස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැයකයට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරතවිය.
පසුව පා ගමනින් බැංකු පෙදෙස දක්වා ගමන් කර ඔරලෝසු කණුව ඉදිරිපිට රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු කළහ.
මෙහිදි අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසිය.
1997 සිට ඇතිකරන ලද මෙම අසාධාරණය ගැන විවිධ අවස්ථාවල රජය බොරු පොරොන්දු දුන්නා. වත්මන් රජය බලයට පැමිණි පසු ඉදිරිපත් කරන පළමු අයවැය මගින් මේ සදහා විසදුම් දෙන බවට පොරොන්දු වෙලා ජන්දය ලබා ගත්තා. අවස්ථා කිපයක දි මේ රජයේ ඇමතිවරු වන ඩලස් අලහපෙරුම ,මහචාර්ය ජී.ඇල්.පීරිස් යන අය පාර්ලිමේන්තුවේ දී පොරොන්දු වුණා. වැටුප් විෂමතා ඉවත් කරන තෙක් ජනවාරි මාසයේ සිට අතුරු දීමනාවක් ලබා දෙන බව. එය රැවටීමක්.
උද්ඝෝෂණය සඳහා ලංකා ගුරු සංගමය , ලංකා සේවා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ශ්‍රී ලංකා විදුහල්පති සංගමය, සමස්ථ අධ්‍යාපන, සේවක සංගමය ඇතළු සංගම් රැසක සාමාජිකයන් එක්ව සිටියහ.