ගිනිපෙට්ටි කම්හල්වල සේවක පිරිසක් මහනුවර උද්ඝෝෂණයක



 
 
(මොහොමඩ් ආසික්)
 
 
ගිනිපෙට්ටි කම්හල්වල  සේවක පිරිසක්  එක්ව අද (17) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් විරෝධතා  උද්ඝෝෂණයක නියැලුණහ.
 
රජය මගින් ආනයනය කරන ගිනිකූරු නිෂ්පාදනය සඳහා ලබාදුන් පොටෑසියම් ක්ලෝරයිඩ් සහ රතු පොස්පරස් ආනයනය නොකිරීම නිසා ගිනි පෙට්ටි නිෂ්පාදන කර්මාන්තශාලා   මාස තුනක් තිස්සේ වසා දැමීමට නිසා එහි සේවය කළ  8000කට වැඩි සේවක පිරිසකට රැකියා අහිමි වී ඇතැයි පවසා මෙයට විසඳුම් දෙන ලෙස මොවුහු මෙලෙස විරෝධතාවයේ යෙදී සිටිති.
 
මෙම උද්ඝෝෂකයින් මහනුවර ඔරලෝසු කණුව අසල සිට පෙළපාළියකින් යටිනුවර වීදිය ඔස්සේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට පැමිණ මෙම විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූහ.