(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන ගෙවල් විස්ස ප්‍රදේශයේ සහ කොත්තැල්ලෙන ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදාකදවුරේ සේවය කල නාවික සෙබළුන් දෙදෙනෙක් පි.සි.ආර් පරික්ෂණයට (26) දින යොමු කිරීමට කයතු කර තිබේ.
නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍යයසේනක තලගල මහතා ඇතුළු වෛද්‍යය කණ්ඩායමක් විසින් එම නාවික සෙබළුන් දෙදෙනා පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන ලදි.
නාවික සෙබළුන් දෙදෙනාගේ පවුලේ සමාජිකයන් සහ කොත්තැල්ලෙන ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමිප සම්බන්ධතා පැවැත් වු පවුල් කිහිපයක සමාජිකයන් පිරිසක් සහ හැටන් රුවන්පුර ප්‍රදේශයේ පවුලක සමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු තිරිමට අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින් කටයුතු කලහ.