ගිනිගත්හේන නාවික සෙබළුන් දෙදෙනෙකු - පවුලේ සාමාජියන් නිරෝධායනයට


(රංජිත් රාජපක්ෂ)                       

කොවිඩ් 19 වයිසරය අසාදනය වූ නාවික සෙබළෙකු ගමන් ගත් බස් රථයේ පැමිණි නාවික හමුදා සෙබළෙකු සහ ඔහුගේ පවුලේ ඥාතින් පිරිසක් අද (25) ස්වයං නිරෝධානයට යොමු කිරීමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළහ.

මෙම නාවික සෙබළා ගිනිගත්හේන ගෙවල් 20 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ අතර එම කඳවුරේම සේවය කර ඉකුත් 20 වැනිදා ගිනිගත්හේන කොත්තැල්ලෙන ප්‍රදේශයේ තම නිවසට පැමිණි නාවික හමුදා සෙබළෙකු සහ එම සෙබලා රැඳී සිටි නිවාස හයක සමාජිකයන් 13 දෙනෙකු ස්වයං නිරෝධානයක යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළහ.

මෙම නාවික හමුදා සෙබළුන් දෙදෙනා සහ ඔවුන්ගේ පවුලේ ඥාතින්  හෙට (26) දින පී සී ආර් පරීක්ෂණය සඳහා යොමු කරන බව ගිනිගත්හේන මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර පිරිස් මහතා පැවසීය.