ගිනිඅවි විසිකළ මෝටර් රථයේ හිමිකරු රිමාන්ඩ්


( ටෝනි කරුණානායක )

පොලිස් නිලධාරි න් ලුහු බදින අවස්ථා වේදි මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි මෝටර් රථයකින් ටි56 ගිනි  අවියක් සහ මැගසින් 04 ක් එලියට විසි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ යට ඉදිරිපත් කෙරුණු මෝටර් රියේ  හිමිකරු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා 08 වෙනිදා නියම කලේය .
 
නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි අමන්ද කාවින්ද නැමැති වාහන හිමිකරු  මෙසේ රිමාන්ඩ්  බාරයට පත් කෙරුණි .
 
සැකකරු අවිය ප්‍රවාහන ය සදහා ආදාරඅනුබල දුන්නේ ද යන්න පරික්ෂණ සිදු කරන බවට ගම්පහ පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .

ඉකුත් 06 වෙනිදා ගම්පහ කොට්ටාශයේ විශේෂ යතුරු පැදි ඒකකයේ නිලධාරි න්  ගම්පහ උග්ගල්බඩ ප්‍රදේශයේ වාහන 
පරික්ෂා කරන අවස්ථාවේ වැගන් ආර්  වර්ගයේ මෝටර් රථයක් නවතා එහි බලපත්‍ර පරික්සා කර ඇත.

එම අවස්ථාවේ මෝටර් රථය පලා ගොස්  ඇති බවත් පලාගිය මෝටර් රතයෙන් ට්56 ගිනි අවිය සහ මැගසින් 04 ක් සහිත බැගය අතහැර  ගොස් ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .
 
සැකකරු සැකකරුගේ සොහොයුරෙකුට වාහනය අරන් දි ඇති බවත් නය ලබා ගැනිමේ දි සැකකරු ට තිබූ පහසු 
කම් මත සොහොයුරා ට මෙසේ වාහනය අරන් දි ඇති බව සැකකරු වෙනුවෙන්  පෙනි සිටි නිති වේදින් අධිකරණය හමුවේ පැවසිය .
 
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කර අධිකරණ යට  ඉදිරි දිනයයේ දි ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසිය ට නියම කෙරුණි .