ගිනිඅවි ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ තබා ගත් 10 දෙනා රිමාන්ඩ්


(නිශාන්ත කුමාර)

ජීව අත්බෝම්බයක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් , ටී-56 උණ්ඩ හතරක් , ඇතුළු භාණ්ඩ තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින්සිටියදී ගිරාදුරුකෝට්ටපොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 7 දෙනෙකු මෙම මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගන මහේත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියංකර මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහියංගණ රොටලවෙල, කඩවත, දිවලපැලැස්ස, රත්නපුරල අරලගංවිල ආදී ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25-35 අතර පිරිසකි.

මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී මොවුන් සතුව තිබී ජීව  අත්බෝම්බයක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් , ටී- 56 උණ්ඩ හතරක්,  මුහුණූ ආවරණ දහයක්, අත් ආවරණ හයක්, රම්බෝ පිහියක් හා කිණිස්සක් ද අත්අඩංගුවට ගෙන ඇත.