(ඩී.ජී.සුගතපාල)
නෙළුව වාරුකන්දෙණිය ප්‍රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වාරුකන්දෙණිය මාදුගැටේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට ලැබුන තොරතුරක් අනුව පොලිස් නිලධාරි කණ්ඩායමක් ඊයේ රාත්‍රි 11ට පමණ ඔහුගේ නිවස පරික්ෂා කිරිමේදි බෝර 16 වර්ගයේ ගිනි අවියක් සොයාගෙන ඇත.
සැකකරු අද(06) උඩුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

