ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(ඩී.කේ.රත්න සහ විජේරත්න රත්නායක)

ඇතිමලේ කොටියාගල කම්මල්යාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇතිමලේ පොලිසිය පවසයි.

කොටියාගල කම්මල්යාය ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් මෙම ගිනි අවියත් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කොටියාගල කම්මල්යාය ප්‍රදේශයේ පුද්ගලයෙක් ගිනිඅවියක් භාවිතා කරන බවට ඇතිමලේ පොලිසියට ලැබුණු තොරතුරක් මත ඇතිමලේ පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.