(ඩී.කේ.රත්න)
තණමල්විල කුඩාඔය ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (25) අත්අඩංගුව ගත් බව කුඩාඔය පොලීසිය පවසයි.
කෙටේතැන්න බණ්ඩාරවත්ත කහවත්ත පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු ගිනි අවිය සමග අත්අඩංගුවට ගෙන ඇත.
මොනරාගල දිසා මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනිඅවිය සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ ගිනි අවිය හා පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සහ වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කුඩාඔය පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ කරයි.