(ඩි.කේ.රත්න )
තණමල්විල, ගගේයාය ප‍්‍රදේශයේදී සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් ගිනි අවියක් සමඟ පුද්ගයෙකු අද (10) අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි.
තණමල්විල ගගේයාය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයෙකු මෙම ගිනි අවියත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් තණමල්විල ගගේයාය ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ සෞදි මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගිනි අවියත් සමග කොටුවී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා තණමල්විල පොලීසියට බාරදී තිබේ.
තණමල්විල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

