ඉංගිරිය හඳපාන්ගෙඩ ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ උණ්ඩ 4ක් හා තහනම් පිහියක් ළඟ තබාගත් තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. සංවිධානාත්මක අපරාධ කොට්ඨාස නිලධාරීනට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. කිසියම් අපරාධයකට ළඟ තබාගත්තාදැයි පොලිසිය සැකකරයි.