(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් අලදෙණිය ප්‍රදේශයේ පිහිටි ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක ඇති වූ ගින්නකින් කර්මාන්තශාලාව විනාශ වී තිබේ.
අද දහවල් ඇතිව ඇති මෙම ගින්න හේතුවෙන් කම්හල තුළ තිබූ ගිනි පෙට්ටි නිපදවීම සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය , නිපදවන ලද ගිනි පෙට්ටි විශාල ප්‍රමාණයක් ඇතුළු එහි තිබූ සියලු දෑ ගින්නට හසු වී නැවත භාවිතයට ගත නොහැකි ආකාරයට විනාශ වී ඇත.
මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය කටුගස්තොට පොලීසිය, ප්‍රදේශවාසීන්, කර්මාන්ත ශාලාවේ වැඩ කරන සේවක සේවිකාවන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වනවිට විශාල ප්‍රමාණයක හානියක්ප සිදුව ඇතැයි පොලීසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
නමුත් කර්මාන්ත ශාලාව ඇතුළතින් විදුලිය කාන්දුවීමකින් ගින්න ඇතිවන්නට ඇති බව විශ්වාස කෙරේ.
කටුගස්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.