(එෆ්.අස්ලම් සහ පාලිත ආරියවංශ)
පස්සර මඩොල්සිම ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පියකු, දියණියක සහ තවත් දැරියක දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රාජපක්ෂ මුදියන්සේලාගේ ජයරත්න බන්ඩාර(37) , රාජපක්ෂ මුදියන්සේලාගේ රජිනි නිකේෂලා(12) සහ නෑදෑ දැරියක වන චලනි (13) යන අය වේ.
මොවුන් ගෝනගල ප්‍රදේශයේ පදිංචි අතර අද(6) පෙරවරුවේ දියනෑම සඳහා ගැරඩිඇල්ල දිය ඇල්ලේ වලකට බැස ඇති බවත් ඒ අවස්ථාවේදී දියේ ගිලී මරුමුවට පත්ව ඇති බවත් පොලිසිය සදහන් කරයි.
බදුල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත,සහකාර පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂන සිදුකරයි.
(ඡායාරූප - පාලිත ආරියවංශ)