(ක.ග කරුණාරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මාපිය ගුණානුස්මරණය නිමිති කරගෙන පොලොන්නරුව වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ වෙසෙන ගැබිණි මවුවරුන් 450කට පෝෂණ ආහාර මල්ලක් ඇතුළු උපකරණ කට්ටලයක් බැගින් පරිත්‍යාග කළේය.
එම අවස්ථාවට ජනපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය සහ දූ දරුවන් ඇතුළු පවුලේ ඥාතීහු සහභාගී වූහ.





