ගැබිණි මව්වරුන්ට ජනපතිගෙන් මාතෘ තිළිණ


(චමිල් රුපසිංහ)

මහනුවර දිස්ත්‍රීක්කයේ ගැබිණී මාතාවන් දහසකට අධික සංඛ්‍යාවක් සදහා ජීවන මාතෘ තිළිණ ප්‍රණාම හා අධ්‍යාත්මික උපහාර වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් අද (16)  මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

රසවින්දන වැඩසටහන් මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද මෙහිදී පැවැත්විණි.මීට අමතරව එම මව්වරුන් වෙනුවෙන් රුපියල් 3000ක් පමණ වටිනා වියළි සලාක සහ පෝෂණ ද්‍රව්‍ය බෙදාදීමක් ද සිදු කෙරිණි.