(නාලක සංජීව දහනායක)
ගාලුමුවදොර පිටියේ ඇවිදින මංතීරූවල සවිකර තිබෙන විදුලි පහන්වලින් වැඩි ආලෝකයක් ලබාගැනීම සඳහා සූර්ය පැනල සවිකරන ලෙස වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
විනෝදාස්වාදය ලබාගැනීම සඳහා ගාලුමුවදොර පිටියට පැමිණෙන මහ ජනතාව ඇවිදින මංතීරුවල සවිකර තිබෙන විදුලි පහන්වලින් නිකුත්වන අඩු ආලෝක තත්ත්වය හේතුවෙන් මතුවන අපහසුතාවයන් මගහැරවීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍යංශය සඳහන් කරයි.
මේ සඳහා නිර්මාණ ශීල්පීන්ගේද සහය ලබාගනිමින් වඩාත් අංලකාරව එම කටයුතු කරන ලෙසද අමාත්‍යවරය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

