ගාලු මහින්දයට වසර 125යි.


(අමල් වික්‍රමරත්න)

වර්ෂ 1892 දී ආරම්භ කළ ගාල්ල මහින්ද මහ විදුහලට වසර 125 සැපිරීම නිමිත්තෙන් පාසලේ ආදී සිසුන්,වත්මන් සිසුන් සහ දෙමාපියන් ඇතුළු විද්‍යාලීය ප්‍රජාව ගමන් කරන දැවැන්ත පාගමනක් සංවිධානය කරන බව මහින්ද විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පැවසීය.

පාගමන සිදුකරන  අතරවාරයේ ප්‍රෑන්ක්ලින් වුඩ්වර්ඩ්, බෝල්ස්ඩැලි , E. A. අමරසුරිය සහ හෙන්රි සිටීල් ඕල්කට් යන විද්‍යාලීය නිර්මාතෘවරුන් ගාලු නගරයේ ස්ථාන කිහිපයකදී අනුස්මරණය කිරීමටද නියමිතය.

ලබන ජුලි 01 වැනිදා පැවැත්වෙන මෙම පාගමනට  සහභාගී වන්නැයි විද්‍යාලීය සියලුම ආදි ශිෂ්‍යයන්ගෙන් සංවිධායකවරු ඉල්ලා සිටිති.