(කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල , කතලුව ජාතික පාසලේ දැනට සේවයේ නියුක්ත විදුහල්පතිවරයා ධූරයෙන් ඉවත් කර වෙනත් විදුහල්පතිවරයෙකු මෙම විද්‍යාලයට පත් කිරීමට විරෝධය පළ කරමින් සිසු සිසුවියන්ගේ දෙමාපියන් ආදි සිසුන් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් අද (26) ගාල්ල මාතර පාරේ කතලුව මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරත වූහ.
දැනට විදුහල්පති ධූරය හොබවන පහන් ජාගොඩ මහතා ඉතාමත් නිවැරදිව සහ කාර්යක්ෂමව විදුහලේ උන්නතිය සඳහා කටයුතු කරන හෙයින් ඔහු ඉවත් නො කළ යුතු බව උද්ඝෝෂකයෝ පැවසූහ.



