(අමල් වික්‍රමරත්න)
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගාල්ල ඩිපෝවේ සමස්ත සේවකයන් විසින් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් මේ වනවිට ගාල්ල ඩිපෝවෙන් ධාවනය වන කිසිදු බස් රථයක් ධාවනය නොවන බව වර්ජනයේ නිරත සේවකයන් ලංකාදීපයට පැවසීය.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ආරම්භකර ඇති මෙම වර්ජනය හේතුවෙන් ගාල්ලේ කිසිදු මාර්ගයක ගාලු ඩිපෝවට අයත් කිසිදු බස් රථයක් මේවනවිට ධාවනය නොවන බව වාර්තාවේ.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරියේදී ලබාදී මට බලාපොරොත්තුවන බව පැවසු රුපියල් 10,000 දීඑමනාව තමන්ගේ වැටුපට එකතුකරන ලෙසත් ,හිග අර්ථසාධක මුදල් බැංකු ගත කිරීම,අනියම් සේවකයන් ස්ථිර කිරීම,රජය මගින් පනවනලද නව දඩ ක්‍රමය ඉවත්කිරීම ,ප්‍රසාද දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වර්ජනය ආරම්භ කලබව ඩිපෝ සේවකයෝ පවසති.
කෙසේ නමුත් පුද්ගලික බස් රථ සුපුරුදු පරිදි ධාවනය වනබව ඔවුහු පවසති.