ගාල්ලේ පුද්ගලයන් 335 ක් පීඩාවට


(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 44 ක පවුල් 105 ක පුද්ගලයන් 335 ක් පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

ඉකුත් දිනවල පැවැති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ පූර්ණ හානියට පත් නිවාස ගණන දෙකක් වන අතර අර්ධ හානියට පත්වූ නිවාස ගණන 102 කි.

පීඩාවට පත් ජනතාව සඳහා දිස්ත්‍රික් සහන සේවා මධ්‍යස්ථානය මගින් සහන කටයුතු අඛණ්ඩව සිදුකරන අතර දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සුළං තත්ත්වය හේතුවෙන් ඉදිරී වැටී ඇති ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් පැවසීය.

.