(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දඩල්ල ලයිට් හවුස් සංචාරක හෝටලය පිටුපස මුහුදු වෙරළේ තිබී අත් බෝම්බයක් අද (10) පෙරවරුවේ ගාල්ල පොලිසිය සොයාගෙන ඇත.
විදේශීය රටක නිෂ්පාදිත S FG 87 වර්ගයට අයත් මෙම බෝම්බය මුහුදු වෙරළේ ඇවිදිමින් සිටි පුද්ගලයෙකු දැක පසුව ඒ පිළිබඳව ගාල්ල පොලිස් අධිකාරිවරයාට දැනුම්දි තිබේ.
ඒ අනුව පරික්ෂණ පැවැත්වීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පැමිණ බෝම්බය නිෂ්ක්‍රීය කරන ලදී.
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.