ඩි.ජී.සුගතපාල
ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ මිටියාගොඩ මහවත්තේ පදිංචි ජාගොඩගේ ප්‍රියන්ත නමැති පනස් එක් හැවිරිදි ධීවරයෙකි.
ඉකුත් පළමු වැනි දා ධීවරයින් හය දෙනෙකු සමඟ “ජයලත් 10“නමැති බහුදින යාත්‍රාව ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ධීවර කර්මාන්තයේ යෙදි සිටියදී ඊයේ (3) සවස හතරට පමණ අතුරුදන් වු ධීවරයා මුහුදට වැටී තිබේ.
ඒ සමගම අනෙක් ධිවරයින්ද මුහුදට පැන ඔහු සොයා බැලුවත් සොයා ගැනීමට නොහැකිව යාත්‍රාව ආපසු හරවාගෙන පැමිණ වරාය පොලිසියට සිද්ධිය පැමිණිලි කර තිබේ.