ග්‍රාමිය පාලම් 1000 ක් ඉදි කරන්න යයි


(යොහාන් භාසුර)

‘ගම්බිම් යාකරන හදවතේ පාලම්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් මෙම වසර අවසන් වීමට පෙර පාලම් 1000 ක් ඉදිකළ යුතු යැයි අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

මෙම පාලම් ව්‍යාපෘතිය තුළින්  ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය  පහසු කර ඔවුන්ගේ ජීවනෝපායන් දියුණු කිරීමේ හැකියාව ලැබෙන බවත් කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද සංවර්ධන කටයුතු බාධාවකින් තොරව නොනවත්වාම ඉදිරියට කරගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.