IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


රණවිරු දරුවන්ට පින් - සෙත් පතන්න

(යොහාන් භාසුර)

අදහන සහ විශ්වාස කරන බුද්ධ දර්ශනයට අනුකූලව රණවිරු දරුවන් වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි උතුම්ම කාර්ය පින් සහ සෙත් පැතීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.  

කොටි ත්‍රස්තවාදය පරාජය කළ විජයග්‍රණය වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.  

සංග්‍රාම භූමියේදී  රට වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් සිහිපත් කරමින් පිං පැමිණවීම, ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත්වූ සහ සෙසු සියලුම රණවිරුවන් වෙනුවෙන් සෙත් පැතීම සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය සියලුම සිවිල් වැසියන් වෙනුවෙන් පිං පැමිණවීම පිංකමේ අරමුණ බවට පත්වූ බව ද ඒ මහතා කීය.

යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඇතැම් සේනාංකවල  යුධ සෙබළුන්  ඔවුන්ගේ දෑතින්ම බුදු පිළිම නෙළා පූජා කළ බවත් යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් වෙනුවෙන් රණවිරුවන්ගේ දෑත්වලින්ම සඳ හිරු සෑය ගොඩනගා රණවිරුවන්ගේ නාමයෙන් සම්බුද්ධ ශාසනයට පූජා කළ බව ද මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

රණවිරුවන් වෙනුවෙන් පැවැත්වූ ආගමික කටයුතු සඳහා යුක්තව මූලිකත්වය ගෙන කටයුතු කළ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නායක, කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ස්තූතිය පුදකරන බව කී මහින්ද රාජපක්‍ෂ මහතා  මේ අවස්ථාවේදී ගංගාරාම විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ ගලබොඩ ඥානිස්සර නායක හාමුදුරුවන් වහන්සේව ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු එම පක්‍ෂයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

 



අදහස් (0)

රණවිරු දරුවන්ට පින් - සෙත් පතන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 292 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1799 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site