IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


මහනුවර ඩිපෝ හතක් දුම් සහතිකයට පිටුපාලා

(සුජිත් හේවාජුලිගේ)

ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශිකයේ ඩිපෝ හතකට අයත් බස් රථ 566කින් 226කට වායු විමෝචන සහතික ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

ලංකා ගමන ගමනාගමන මණ්ඩලයේ බස් රථ විශාල සංඛ්‍යාවකට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදීද වායු විමෝචන සහතික( දුම් සහතික) ඉදිරිපත් කර නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මෙලෙස දුම් සහතික නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස  අහිතකර වායු සහ  බැර ලෝහ පරිසරයට නිකුත් කිරීමෙන්  පරිසර දූෂණය ඉහළ යා හැකි බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

ලංගම බස් රථ සඳහාද  කලට වෙලාවට දුම් සහතික ලබාගත යුතු බවට විගණන අංශ  නිර්දේශ කර ඇත

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.



අදහස් (2)

මහනුවර ඩිපෝ හතක් දුම් සහතිකයට පිටුපාලා

Hasith Monday, 19 May 2025 05:28 PM

මහනුවර වායු දූෂණය ඉහළම අගයක්... ඉතින් මේ වගේ වැඩ කරන ආයතනවල ඉන්න මී හරක් වගේ නිලධාරීන්... අනතුරේ දැම්මනේ... රටේ ජනතාවගේ ජීවිත නෙවෙයිද? කී දෙනෙක් නම් ලෙඩ වෙනවා ඇතිද? මේවා අහිතකර දුම නිසා... දඬුවම් දෙන්න ඕනෙ බීපු කිරි මතක් වෙන්න.

:       0       1

Bamunusingha Monday, 19 May 2025 07:00 PM

පෙර වර්ෂයේ දුම් සහතිකයේ වලංගු කාලය සතියක් තියෙද්දී කාලය අවසන් වෙන්න ළඟයි කියලා පණිවිඩය එවනවා. ඉතින් සමහරවිට පෙර සහතිකය වලංගුව තියෙද්දී ඊළඟ වර්ෂය සඳහා නැවත ගන්නවා.. එතකොට දෙන්නේ පෙර සහතිකයේ වලංගු කාලයෙන් කාලයක් කපාහැරලා අපි කියමු අපේ පෙර සහතිකය ජූනි 10 අවසන් වෙනවා කියලා... එහෙම තියෙන කෙනෙක් මැයි මාසයේ 30 වැනිදා නැවත සහතිකය ගන්න යනවා. අලුතින් දෙන සහතිකය දෙන්නේ 2026 මැයි 30 දක්වා පමණයි. ඔවුන්ගේම සහතිකයේ වලංගු බව දින දහයකින් අඩු කරන්න. ඔවුන් කටයුතු කරනවා මෙහෙම කිරීම සාධාරණද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 292 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1799 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site