(ඉන්දිකා රාමනායක)
ඡන්දහිමි නාමලේඛනයට නම් ඇතුළත් කිරීම සදහා අතුරුගිරියේ පුද්ගලයකුගෙන් රුපියල් 3000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජාකාරි කරමින් සිටි ග‍්‍රාම නිලධාරිවරයකු අද(17) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව කියයි.
පැමිණිලිකරු ගේ සහ ඔවුගේ බිරිඳ ගේ නම් ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා සැකකරු මෙම මුදල් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් මත අල්ලස් නිලධාරීන් සැකකරුට මෙම මුදල ලබා දීමට පැමිණිළිකරුවන් එකඟ කරවාගෙන ඇති අතර අද දහවල් එම කාර්යාලයේ දී සැකකරු පැමිණිලිකරුගෙන් මෙම මුදල ලබාගත් අවස්ථාවේ අල්ලස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.