ගසක රැඳී තිබූ මළ සිරුරක් පන්නලින් හමුවේ


(හේමලතා ඩී හේවගේ)           
                                   

පන්නල කොහොඹපොළ ප්‍රදේශයේ අරන්නාවත, හල්මිල්ලකොටුවත්ත වැලිමන්කඩ ආසන්නයේ පිහිටි මාඔය ඉවුරේ ගසක අත්තක රැඳී තිබුණු මළ සිරුරක් අද(23) සොයාගත් බව පන්නල පොලිසිය කියයි.
 
මෙම මළසිරුරේ දෑත් සිරුරෙන් ඉවත්කර තිබූ බවද, එම පුද්ගලයා මියගොස් දින කිහිපයක් ගතව ඇති බවද පොලිසිය කියයි.
 
මියගිය තැනැත්තා වයස අවුරුදු 25 ත් 30 ත් අතර පුද්ගලයෙකු බවට අනුමාන කරන බවත්, පොලීසිය ලද තොරතුරකට අනුව මෙම සිරුර සොයාගැනීමට හැකිවූ බවත් පොලීසිය පවසයි.
 
මියගිය තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැත.
                                                 
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න පිළිබඳව පොලීසිය සැක පළකර සිටියි.       
                                                                                
කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් කැළුම් හෙට්ටිගේ මහතා පැමිණ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව කුලියාපිටිය අධිකරණ විශේඥ වෛද්‍ය නිලධාරිවරයා වෙත හෙට (24) ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසට නියෝග කළේය.      
                                                                                           
පන්නල පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.