ගවයින් සොයන්න ගිය පුද්ගලයා අලි ප්‍රහාරයෙන් මරුට


ක.ග කරුණාරත්න

ගවයින් සෙවීම් සඳහා පොලොන්නරුව කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි රක්ෂිත කැලෑවට ගිය පුද්ගලයෙකු අද (06) වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි  පොලොන්නරුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කදුරුවෙල ගල්ලෑල්ල අංක 159  ලිපිනයේ පදිංචිව සිටි මොහොමඩ් මුස්තාපා නැමැති 56 හැවිරිදි දස දරු පියෙකි. මෙම පුද්ගලයා ජීවිකාව ලෙස කුලියට හරකුන් බැලීම් සිදුකර ඇති බවද පොලිසිය සිදුකළ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ  පුද්ගලයා හරකුන් සෙවීම් සඳහා ගොස් ඇත්තේ පොලොන්නරුව ප්‍රාදේශීය සභාව මගින් දිනපතා කැලිකසල බැහැර කරන ස්ථානයට නුදුරු වන අලි බහුලව ගැවසෙන ප්‍රදේශයකට බවද හෙළිවී ඇති අතර පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.