(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොම්බාව ප්‍රදේශයේ චින සමාගමක වෙඩි බෙහෙත් ගබඩාවක් ඉදි කිරීමේ මුවාවෙන් එම රක්ෂිත ඇති නිධානයක් ලබා ගැනීමේ උත්සාහයක නිරතවන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීහු නිහඬ විරෝධතාවයක අද (15) දින නිරත වූහ.
ප්‍රදේශවාසීන් කියා සිටියේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම්වරයා හරහා දීර්ඝකාලීන බදු පවතින රජයේ ඉඩමක චීන සමාගමක කණ්ඩායමක් පැමිණ වෙඩි බෙහෙත් ගබඩාවක් ඉදි කිරීම් කටයුතු සිදු කර ඇති බවයි.
මෙම ස්ථානයේ ප්‍රජා ශාලාවක් මාතෘ සායන සහ මීටර් 100ක පමණ දුරකින් විදුහලක් පවා පැවති බවත් එම නිසා වෙඩි බෙහෙත් ගබඩාවක් ඉදි කිරීමට නුසුදුසු බවය.
කෙසේ වෙතත් වෙඩි බෙහෙත් ගබඩාව ඉදි කිරීමේ මුවාවෙන් මේ වන විටත් එම ස්ථානයේ පාරම්පරිකව ගම්මුන් විසින් දැනුවත්ව ඇත්තේ ගලක නිධානයක් ඇති බවය.
එය ලබා ගැනීම සඳහා මෙම කණ්ඩායම් අර අදින බව ද ඔවුහු චෝදනා කරති.
වෙඩි බෙහෙත් ගබඩාව ඉදිකරන ආසන්නයේ පොළොවේ පිහිටි ගලක සලකුණක් සහිත ස්ථානයක යම්කිසි යන්ත්‍රයකින් ගල විද ස්කෑන් පරීක්ෂණ පවා සිදුකර ඇතැයි ඔවුහු එම ස්ථානය පෙන්වමින් චෝදනා කිරීම විශේෂත්වයකි.
වෙඩි බෙහෙත් ගබඩාව ඉදිකරන චීන ජාතික සමාගමේ නිලධාරීන් සේවකයන් කියා සිටියේ එම ගල විදින කටයුත්ත තම සහ ආයතනය මඟින් සිදු නොකළ බවය.
කෙසේ වෙතත් එම ගල විද්දේ වෙනත්කවුරුන්ද යන්න නොදන්නා බවද චීන ජාතිකයෝ මේ දී පොලිසියට පැවසූහ.
මෙම වෙඩි බෙහෙත් ගබඩාව ඉදිකරන ස්ථානයට පැමිණි ගම්මුන් තමන්ගේ විරෝධතාවය එල්ල කිරීමත් සමඟ ගලේවෙල පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂාකර බලා ප්‍රශ්නය විසදෙන තුරු තාවකාලිකව ඉදිකිරීම් නවතා දමන ලෙස චීන සමාගමට දැනුම් දීම දුන්නේය.
මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට සමගාමීව වයඹ ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා මෙම වෙඩි බෙහෙත් ගබඩාව ඉදිකිරීම් කටයුතු සිදු කරන බව ද එම සමාගම් නියෝජිතයෝ පැවසූහ.
ප්‍රදේශවාසීන් කියා සිටියේ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ප්‍රාදේශීය ලේකම්වරයා සහ තවත් කණ්ඩායමක් එක්ව ප්‍රදේශයේ රජයේ ඉඩම් මෙයාකාරයෙන් විවිධ සංවර්ධන කටයුතු වලට බව පවසා ලබාගෙන පසුව ඒවා අලෙවි කිරීම් සිදු කරන බවය.
එමෙන්ම වයඹ ඇළ ව්‍යාපෘතිය හරහා එම ඉඩම් වලට වෙනත් පිරිසගේ නම් යොදා වන්දි මුදල් ලබා ගැනීම ද සිදු කෙරෙන බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි ප්‍රදේශවාසීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටියි.