(නිමල් ජයරත්න සහ ඩබ්ලිව් පියතිලක )
පොළොන්නරුව ගල්විහාර පුජා භුමියට අයත් රක්ෂිතයේ අද (13) මුවෙකු දඩයම් කර මස් කරමින් සිටි බාල වයස් කරුවෙකු සහ තවත් ඔහුගේ ඥාතියෙකු පොළොන්නරුව වනජිවි නිලධාරින් විසින් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව නිශ්ශංකමල්ල ප‍්‍රදේශයේ පදිංචි බාල වයස් කරුවෙකු සහ ඔහුගේ සීයා කෙනෙකු බව පරික්ෂණ සිදු කරන පොළොන්නරුව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජයකෝන් මහතා පැවසීය.
මුවා මර උගුලක් අටවා ඝාතනය කිරිමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද විජයකෝන් මහතා සදහන් කලේය.
ගල්විහාර පුජා භුමියේ පුරා විද්‍යා ඒකකයට සහ පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව මෙම මෙහෙයුම සිදු කර ඇති අතර ඒ අනුව අද සවස අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන 14 වෙනිදා පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොළොන්නරුව වනජිවි කාර්යාල නිලධාරියෙකු පැවසීය.
පොළොන්නරුව ගල්විහාර මුරපොළෙහි ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටී.ඞී.ඩබ්ලිව්. සිරිමාන්න, පොළොන්නරුව අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් යන මහත්වරු ඇතුලූ පොලිස් හා වනජිවි නිලධාරින් පිරිසක් මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණ සිදු කරයි
ඡුායාරූපය - නිමල් ජයරත්න